සියලු ව්‍යාපෘති

සොයුරු හරසර අනුරාධපුර අපි🎊 Seminar Series Day 01❤️ සොයුරු හරසර දෙවන අදියර යටතේ, අපිට තියෙන පාසල් දෙකෙන් පලවෙනි පාසල වන අනු/රඹෑව වහමල්ගොල්ලෑව පහලරත්මල්ගහවැව විද්‍යාලයේ දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට…

2025 පෙබරවාරි 25 අනුරාධපුරය
සොයුරු හරසර — Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

සොයුරු හරසර අනුරාධපුර අපි🎊

සොයුරු හරසර දෙවන අදියර යටතේ, අපිට තියෙන පාසල් දෙකෙන් පලවෙනි පාසල වන

අනු/රඹෑව වහමල්ගොල්ලෑව පහලරත්මල්ගහවැව විද්‍යාලයේ දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව සදහා සහභාගි වූ අනුරාධපුර ලමයි කණ්ඩායම.....

දිනය :- 2025 / 02 /19

වේලාව :- උදෑසන 11 සිට රාත්‍රී 7.30 දක්වා

පලවෙනි දවසේ Seminar වැඩේට ආපු අනුරාධපුර සෙට් එක🌝

සොයුරු හරසර දෙවන අදියර යටතේ, අපිට උගන්නන්න තියෙන පාසල් දෙකෙන් පලවෙනි පාසල වන

අනු/ වහමල්ගොල්ලෑව පහලරත්මල්ගහවැව විද්‍යාලයේ දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් ගණිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව සදහා සහභාගි වූ අනුරාධපුර ලමයි කණ්ඩායම.....

දිනය :- 2025 / 02 /20

හිත් ලස්සන අයත් එක්ක දෙවෙනි දවසේ Seminar වැඩේට ආපු අනුරාධපුර සෙට් එක🌝 අපිට දවල්ට කෑම, හවසට තේ,බීම,බිස්කට් වගේ දේවලුත් මේ අය ගානේ දවස් දේකේම හම්බුනා🥹❤️

Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

සොයුරු හරසර දෙවන අදියර යටතේ අප කණ්ඩායම විසින් සම්මන්ත්‍රණ පැවත්වීමට නියමිත පාසල් දෙක අතුරෙන් දෙවෙනි පාසල වන අ/පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් ගණිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව....

මෙහි ඇති විශේෂත්වය වනුයේ පේමඩුව තක්ෂිලා සහ ගාමිණී යන පාසල්වල සිසුන්ද මෙම සම්මන්ත්‍රණය සදහා සිද්ධාර්ථ විද්‍යාලයට පැමිණ තිබීමයි🌝 එනිසා අපට ලමයි 90-100ක් වැනි ඉතා ලොකු සිසුන් පිරිසකට අපගේ දැනුම බෙදා දීමට හැකිවිය.❤️

අද දින සහභාගි වූ අනුරාධපුර ලමයි කණ්ඩායම..

දිනය :- 2025 / 02 / 24

වේලාව :- උදෑසන 8.30 සිට සවස 3 දක්වා

උදේ සහ දවල් ආහාර දෙකම ලබාදුන්න පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ඒ ගුරුවරුන්ට ගොඩක් ස්තූතියි❤️ හෙටට හමුවන තුරු අදට,

Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

සොයුරු හරසර දෙවන අදියර යටතේ අප කණ්ඩායම විසින් සම්මන්ත්‍රණ පැවත්වීමට නියමිත පාසල් දෙක අතුරෙන් දෙවෙනි පාසල වන

අනු/ පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් ගණිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව....

මෙහි ඇති විශේෂත්වය වනුයේ පේමඩුව තක්ෂිලා සහ ගාමිණී යන පාසල්වල සිසුන්ද මෙම සම්මන්ත්‍රණය සදහා සිද්ධාර්ථ විද්‍යාලයට පැමිණ තිබීමයි🌝 එනිසා අපට ලමයි 92ක් වැනි ඉතා ලොකු සිසුන් පිරිසකට අපගේ දැනුම බෙදා දීමට හැකිවිය.🩶

හීන හැබෑ කරගැනීමට වෙර දරන අපේම නංගිලා මල්ලිලාට සහයක් වීමට, අද දින සහභාගි වූ අනුරාධපුර ලමයි කණ්ඩායම.....

දිනය :- 2025 / 02 / 25

වේලාව :- උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා

Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

සොයුරු හරසර දෙවන අදියර යටතේ අප කණ්ඩායම විසින් සම්මන්ත්‍රණ පැවත්වීමට නියමිත පාසල් දෙක අතුරෙන් මුලින්ම සම්මන්ත්‍රණ පැවැත්වූ පාසල වන

අනු/ වහමල්ගොල්ලෑව පහලරත්මල්ගහවැව විද්‍යාලයේ දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව....

දිනය :- 2025 / 02 / 26

වේලාව :- දහවල් 12.30 සිට සවස 7.30 දක්වා

හෙට දිනයේදි හමුවන තෙක් අදට,,,,

Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

සොයුරු හරසර දෙවන අදියර යටතේ අප කණ්ඩායම විසින් සම්මන්ත්‍රණ පැවත්වීමට නියමිත පාසල් දෙක අතුරෙන් දෙවෙනියට අප තෝරාගත් පාසල වන අනු/පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලය

මෙහි ඇති විශේෂත්වය වනුයේ පේමඩුව තක්ෂිලා සහ ගාමිණී යන පාසල්වල සිසුන්ද මෙම සම්මන්ත්‍රණය සදහා සිද්ධාර්ථ විද්‍යාලයට පැමිණ තිබීමයි🌝 එනිසා අද දින අපට ලමයි 102ක් වැනි ඉතා ලොකු සිසුන් පිරිසකට අපගේ දැනුම බෙදා දීමට හැකිවිය..❤️

සිද්ධාර්ථයේ අවසන් දිනයේදී අපි විසින් 11වසරේ සිසුන් සහ පාසලේ සියලු ගුරුවරුන්ට අයිස්ක්‍රීම් ලබාදුණි. අවසාන හෝරාවේදී සිසුන් සමග ගීත ගායනා කරමින්,නටමින් සමග අපගේ සතුට බෙදාගත්තේය..

දිනය :- 2025 / 02 / 28

වේලාව :- උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා

Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

(මහවිලච්චිය තක්ෂිලාවේ පලමු දිනය)

සොයුරු හරසර දෙවන අදියර යටතේ අප කණ්ඩායම විසින් සම්මන්ත්‍රණ පැවත්වීමට නියමිත පාසල් දෙක සදහා සම්මන්ත්‍රණ මාලාව කරගෙන යන අතරතුරම, අප කණ්ඩායම වෙත, මහවිලච්චිය තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් ලැබුණු ආරාධනාවක් මත අපි අද ගණිතය විෂය සදහා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට

අනු/ මහවිලච්චිය තක්ෂිලා විද්‍යාලයට පැමිණියහ....

මෙවර සාමාන්‍ය පෙලට මුහුණදෙන මේ නංගිලා මල්ලිලාට මෙම ප්‍රධාන විෂයන් ඉගැන්වීම සදහා විද්‍යාලයේ ගුරුවරුන් නොමැතිවීම නිසා, ඒ අතපසු වූ පාඩම් වලින් විභාගයට අත්‍යවශ්‍යම වන පාඩම් කිහිපයක් උගන්වා ඔවුන් ප්‍රශ්න සදහා හුරු කරවීම මෙම පාසලේ(අප සම්මන්ත්‍රණ පවත්වන 3වන පාසලේ) කරන සම්මන්ත්‍රණ මාලාවේ අරමුණයි...

අද දින සහභාගි වූ අනුරාධපුර ලමයි කණ්ඩායම.....

දිනය :- 2025 / 03 / 04

Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

(මහවිලච්චිය තක්ෂිලාවේ දෙවන දිනය)

සොයුරු හරසර දෙවන අදියර යටතේ අප කණ්ඩායම විසින් සම්මන්ත්‍රණ පැවත්වීමට නියමිත පාසල් දෙක සදහා සම්මන්ත්‍රණ මාලාව කරගෙන යන අතරතුරම, අප කණ්ඩායම වෙත, මහවිලච්චිය තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් ලැබුණු ආරාධනාවක් මත අපි අද දිනයේ විද්‍යාව විෂය සදහා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට

අනු/ මහවිලච්චිය තක්ෂිලා විද්‍යාලයට පැමිණියහ...

මෙවර සාමාන්‍ය පෙලට මුහුණදෙන මේ නංගිලා මල්ලිලාට මෙම ප්‍රධාන විෂයන් ඉගැන්වීම සදහා විද්‍යාලයේ ගුරුවරුන් නොමැතිවීම නිසා, ඒ අතපසු වූ පාඩම් වලින් විභාගයට අත්‍යවශ්‍යම වන පාඩම් කිහිපයක් උගන්වා ඔවුන් ප්‍රශ්න සදහා හුරු කරවීම මෙම පාසලේ (අප සම්මන්ත්‍රණ පවත්වන 3වන පාසලේ) කරන සම්මන්ත්‍රණ මාලාවේ අරමුණයි...

දිනය :- 2025 / 03 / 06

Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

(පේමඩුව සිද්ධාර්ථයේ අවසන් දිනය)

සොයුරු හරසර දෙවන අදියර යටතේ අප කණ්ඩායම විසින් සම්මන්ත්‍රණ පැවත්වීමට නියමිතව ඇති පාසල් ද්විත්වයෙන් එක් පාසලක් වන පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ පවත්වන ලද සම්මන්ත්‍රණ නිල වශයෙන් අප පෙබරවාරි 28 වැනි සිකුරාදායින් අවසන් කලහ...

නමුත් ඒ නංගිලා මල්ලිලාට ඒ වනවිට විශය නිර්දේශයේ කෙරී නොමැති, අතපසු වී ඇති පාඩම් කිහිපයක් කර දෙන මෙන් අපගෙන් සිදු කල දැඩි ඉල්ලීමකට අනුව අප නැවතත් පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයට පැමිණියහ❤️

එදිනද එය අවට පාසල් වන පේමඩුව තක්ෂිලාව සහ පේමඩුව ගාමිණී යන විද්‍යාලවල සිසුන්ද සිද්ධාර්ථ විද්‍යාලයට පැමිණ තිබීම නිසා අප හට එදින නංගිලා මල්ලිලා 110කට අධික ප්‍රමාණයකට අප සතු දැනුම බෙදා හැරීමට හැකි විය🤗❤️

Anuradhapura team — Wahamalgollewa & Mahavilachchiya schools

ඡායාරූප එකතුව

57 photos

තවත් කතා