සොයුරු හරසර කොටවෙහෙර මහා විද්‍යාලය.ආරම්භක දිනය 2025.02.13, සහභාගී වූ අම්පාර සොයුරු හරසර කණ්ඩායම, 1)බවන්ති 2)චේතනා 3)චාරුනී 4)රුවින්දි 5)ලවන්‍යා 6)සවීසා 7)මෙත්සර 8)ඉසුරු හිතුවට වඩා හොඳට කරගන්න පුලුවන්…

සොයුරු හරසර කොටවෙහෙර මහා විද්‍යාලය.ආරම්භක දිනය 2025.02.13,
හිතුවට වඩා හොඳට කරගන්න පුලුවන් උනා. ඉස්කෝලෙන් , ඒ වගේම ලමයින්ගෙන් ලොකු support එකක් ලැබුනා😌❤️
අති සාර්ථිකව අවසන් වූ දෙවෙනි දවස♥️ ගොඩක් ෆොටෝ ගහන්න අමාරුයි . එයාල ලඟ ඉඳන් හැමදේම කියලා දෙන්න ඕනි.පුලුවන් උපරිම දේ කරනවා එයාල වෙනුවෙන් ඉතිම්❤️
සොයුරු හරසර - අම්පාර කොටවෙහෙර මහා විද්‍යාලය.
හිත් ලස්සන මිනිස්සු එක්ක තුන් වෙනි දවස♥️ දවල් කෑම වේලත් එයාල ගානෙ🥹
අපිට තිබ්බ පලවෙනි අභියෝගය තමයි ඉස්කෝලයක් තෝරගන්න එක. ගොඩක් අයගෙන් අහල හැමෝම එක්ක කතා වෙලා අන්තිමට කොටවෙහෙර මහා විද්‍යාලය තෝරගත්තා.ඊලඟට අපිට තිබුනෙ සල්ලි එකතු කරගන්න. අපි අතින්ම හදපු වූල් බෑන්ඩ්,කී ටැග් වගේ දේවල් අරන් අපි ටවුන් එකේ හැම කඩේකටම ,බස් එකකටම ගියා. සමහරු බැන්නා.හැබැයි අපි අත ඇරියෙ නෑ. ඊලඟට අපි වෙරලු , අබ අච්චාරු , පෑන් කේක් වගේ දේවල් විකුනුවා.ඒකෙන් හම්බුන සල්ලි වලින් අපි ටියුට් ටික ප්‍රින්ට් කලා.අපි ලමයින්ට දෙන්න පොඩි පොඩි තෑගිත් ගත්තා. අපි කන්න ගෙනිච්ච කෑම එයාලට දුන්නා. සමහර දවස් වල අපි බඩගින්නෙ හිටියා. හැබැයි අන්තිම දවස් දෙකේ ඒ ලමයින්ගෙ අම්මලා අපිට දවල් කෑම ගේන්න එපා කියලා අපිට කෑම දුන්න.හිත හොඳ මිනිස්සු ගොඩක් හම්බුනා මේ වැඩේදි. ඉතිම් අම්පාර coordinator විදියට මං ගොඩක් සතුටු වෙනවා මෙ වගේ ලමයින්ට අකුරක් හරි කියලා දෙන්න පුලුවන් උන එකට. ඒ වගේම ඒ ලමයි අන්තිම මොහොතෙ දනගහල වඳිද්දි අපි හැමෝම ඇඬුවා.මේ වෙලාවෙ ගොඩක් ස්තූති කරනවා මගේ ටීම් එකට.ඒ වගේම අපිට ලෝකෙ දිනන්න කියලා දුන්න අපේ Anuradha Perera සර්ටත් ගොඩක් පිං අපිව මේ වැඩේට යෙදෙව්වට.තව ලස්සන වැඩකට එකතු වෙන්න බලන් අම්පාර අපි මෙතනින් නවතිනවා❤️


